News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරිම සඳහා මුතුරාජවෙල ප‍්‍රදේශයෙන් ඉඩමක්.

457 Views


බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරිම සඳහා මුතුරාජවෙල ප‍්‍රදේශයෙන් ඉඩමක්.

බස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරිම සදහා මුතුරාජවෙල ප‍්‍රදේශයෙන් ඉඩමක් ලබාගත් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ එකතු වී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් නොකිරීම නිසා මහජන පීඩාවක් ඇති වී ඇති බවට මාධ්‍ය මගින් ඊයේ පළ කළ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාතික රෝහලේ ශල්‍යාගාර ගණනාවකින් දෛනිකව විශාල සායනික අපද්‍රව්‍ය බාහිර පරිසරයට මුදා හැරීම හේතුවෙන් කාර්යය මණ්ඩලය හා රෝගීන්ගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය ඊයේ ප‍්‍රකාශ කළා.

එහි වැඩ බලන සභාපති එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ වැසි ජලය සමග සායනික අපද්‍රව්‍ය කාණු පද්ධතියට මුසුවීම දිගින් දිගටම බැවින් බරපතල රෝග බෝවීමේ අවදානමක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සියත ප‍්‍රවෘත්ති ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළා.

ඔහු සදහන් කළේ අපද්‍රව්‍ය රැගෙන යන පෞද්ගලික ආයතනයේ ගැටලූවක් මත ඒව ගොඩ ගැසී ඇති බවයි.

Siyatha Top Story | 12:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post