පෑලියගොඩ වැලිකඩ වීරගුල හා බණ්ඩාරගම යන ප‍්‍රදේශ වලදී මත් කුඩු සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව තාප්පවත්ත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ 33 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 15 යි මිලි ග‍්‍රෑම් 200 ක් සොයා ගෙන තිබෙනවා. වැලිකඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී සොයා ගත් හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 10 යි මිලි ග‍්‍රෑම් 760 ක්.
වීරගුල පොලීසියට ලද තොරතුරක් මත 27 හැවිදිරි පුද්ගලයෙක් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 840 ක් සැකකරු ළග තිබී සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයට ලද තොරතුරකට අනුව හෙරොයින් ග‍්‍රෑම් 01 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේ දීයි.
ගම්පහ මීගමුව සහ කැළණිය යන ප‍්‍රදේශ ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය පිලිබද තොරතුරු දැනුම් දීම සදහා පොලීසිය මගින් විශේෂ දුරකථන අංක 3 ක් හදුන්වා දී තිබෙනවා.
මීගමුව ප‍්‍රදේශය සදහා 071 36 8000 1 අංකයත් ගම්පහ ප‍්‍රදේශය සදහා 071 32 1000 1 අංකයත් කැළණිය ප‍්‍රදේශය සදහා 071 35 8000 1 අංකයත් මගින් මත්ද්‍රව්‍ය පිලිබද තොරතුරු ලබා දිය හැකියි