News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

ශී‍්‍ර ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුව රැස්වෙයි.

911 Views


ශී‍්‍ර ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධ විද්වත් කමිටුව රැස්වෙයි.

ශී‍්‍ර ලංකා සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් පත් කල විද්වත් කමිටුව අද යලිත් රැස් වුණා. ඒ් එම කමිටුවේ සභාපති මහාචාය ඩබ්ලිව් ඞී ලක්ෂ්මන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව ලබා දුන් ලිඛිත යෝජනා පිලිබදව එහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා. ගිවිසුම සම්බන්ධයෙන් සිය කමිටුවේ වාර්තාව මාස 2ක් තුල ජනාධිපතිතුමා වෙත භාර දෙන බවයි මහාචාර්්‍ය ඩබ්ලිව් ඞී ලක්ෂ්මන් මහතා සදහන් කලේ.

ශී‍්‍ර ලංකා සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට විද්වත් කමිටුවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත්කලේ පසුගිය 11 වනදායි. ජාත්‍යාන්තර වෙළද නීතිය සහ විදේශ ප‍්‍රතිපත්තිය යන විෂයන් සම්බන්ධයෙන් ප‍්‍රවීණයන් 05 දෙනෙකු මෙම කමිටුවට ඇතුළත්

මීට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් මෙම ගිවිසුම පිළිබදව නිරීක්ෂණ ලේඛන ලබා ගැනීමට ජනාධිපතිතුමා අපේක්ෂා කර තිබෙනවා.

එම විද්වත් කමිටුවේ අධ්‍යන වාර්තාව සහ අදාළ නිරීක්ෂණ ලේඛන සියල්ල අධ්‍යයන කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර වෙලද ගිවිසුමකට අත්සන් තැබුනේ පසුගිය ජනවාරි 23 වනදායි. එහෙත් පසුව එම ගිවිසුමට එරෙහිව වෘත්තීය සංගම් වලින් දැඩි විරෝධයක් එල්ල වුනා.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post