News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

ශ්‍රී ලංකා ජනපති සහ ඉන්දියානු අගමැති අතර විශේෂ සාකච්ඡාවක්.

529 Views


ශ්‍රී ලංකා ජනපති සහ ඉන්දියානු අගමැති අතර විශේෂ සාකච්ඡාවක්.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතමා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ නේපාලයේ කත්මණ්ඩු නුවරදීයි.

ශ‍්‍රී ලංකා මියන්මාර ජනාධිපතිවරුන් අතර ද අද සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී එකග වී ඇත්තේ ශ‍්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමටයි.

නුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව මෙහිදී අදහස් දක්වමින් මියන්මාර් ජනාධිපතිවරයා කියා සිටියා.

සිව්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපතිතුමා ඊයේ දිවයිනනෙන් පිටත්ව ගියා. ජනාධිපතිතුමා හෙට සමුළුව ඇමතීමට නියමිතයි

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post