News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ජලය භාවිතය ගැන වාරීමාර්ග කාර්යාලයෙන් ජනතාවට දැනුම් දීමක්.

1187 Views


අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ජලය භාවිතය ගැන වාරීමාර්ග කාර්යාලයෙන් ජනතාවට දැනුම් දීමක්.

අනුරාධපුර නගරයට පානීය ජලය අඛණ්ඩව සැපයීම සඳහා ජල මට්ටම පහත වැටී ඇති අනුරාධපුර නුවර වැවට මහවැලි ජලය නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අනුරාධපුර නුවර වැව් පරිශ‍්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි.

පවතින වියළි කාළගුණයත් සමග අනුරාධපුර නුවර වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් නගරයේ පානීය ජල අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීමට ගැටලූ පවතින බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කලා. ඇතැම් ප‍්‍රදේශ වල ලිං පවා සිදී ගොස් ඇති බවයි එම මණ්ඩලය සදහන් කලේ.

නුවර වැව ජලාශය හරහා අඛණ්ඩව ජලය සැපයීමට නම් මහවැලි ජලය නුවර වැවට ගෙන ඒම සිදු කළ යුතු බවයි නිළධාරීන් අමාත්‍යයවරයාට පෙන්වා දුන්නේ. එම වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහිදී සදහන් කලා. පවතින තත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස අනුරාධපුර දිස්ත‍්‍රික් වාරීමාර්ග කාර්යාලය ජනතාවට දැනුම් දී සිටිනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post