News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් ලංකාවට.

710 Views


එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් ලංකාවට.

නිල සංචාරයක් සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුවාන් පැබ්ලෝ බොලොස්කි දිවයිනට පැමිණීමට නියමිතයි.

ලබන මස තුන්වනදා දිවයිනට පැමිණෙන ඔහු 11 වනදා දක්වා ශ‍්‍රී ලංකාවේ රැුදී සිටිීමට නියමිත බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කළේ. මෙරට රජයේ ආරාධනයකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥවරයා දිවයිනට පැමිණෙනවා.

මෙරට විදේශීය ණය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් කිරීම ඔහුගේ සංචාරයේ අරමුණයි. ශ‍්‍රි ලංකාවේ රාජ්‍ය ණය, ඊට අදාළ ප‍්‍රතිපත්ති, මානව අයිතිවාසිකම් පූර්ණ ලෙස භුක්ති විදීම මෙම සංචාරය තුළදී ඔහු විසින් අධ්‍යයනය කරනු ඇතී.

සංචාරය අතරතුරදී ජුවාන් පැබ්ලෝ බොලොස්කි රජයේ නිළධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින් සමග සාකච්ඡුා කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post