News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

ඔස්ටේ‍්‍රලියාවේදී අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයා රිමාන්ඩ්.

639 Views


ඔස්ටේ‍්‍රලියාවේදී අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයා රිමාන්ඩ්.

අයි එස් ත‍්‍රස්ත කටයුතු වලට සම්භන්ධ බවට සැක පිට ඔස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයාට ඇප ලබා දීම එරට අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

සැකකරු ලබන ඔක්තෝම්බර් මස 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ත‍්‍රස්ත කටයුතු වලට සම්භන්ධ බවට සැක පිට මෙම ශ‍්‍රී ලාංකික තරුණයා සිඞ්නි නුවරදී ඔස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේ ඊයේ දිනයේදීයි.

ඔහු සතුව තිබී ත‍්‍රස්ත ප‍්‍රහාර සිදු කිරීමට සැළසුම් කල ස්ථාන ඇතුළත් වාර්තාවක් ද සොයා ගෙන තිබුණා.

එම ස්ථාන සිඞ්නි නුවර පිහිටි ජනාකීර්ණ ස්ථාන බවට හදුනාගෙන තිබෙනවා.

සැකකරු නිව් සවුත්වෙල්ස් විශ්ව විද්‍යාලයට සම්භන්ධ කොන්ත‍්‍රාත් සේවකයෙකු ලෙස කටයුතු කරන 25 හැවිරිදි ශ‍්‍රී ලාංකික මුස්ලිම් තරුණයෙක්.

ඔහු ඔස්ටේ‍්‍රලියාවට පැමිණ ඇත්තේ ශිෂ්‍ය වීසා ලබා ගනිමින්.


News Articles
Latest Videos
Most Popular Post