පලස්තීන සරණාගතයින් වෙනුවෙන් ක‍්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සහන සේවා ආයතනය සඳහා ලබා දෙන සියලූම මූල්‍ය ප‍්‍රතිපාදන නැවැත්වීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.
ඇමෙරිකාව පවසන්නේ අදාළ ආයතනයේ කටයුතු නිසි පරිදි සිදු නොවන බැවින් මෙම පියවර ගත් බවයි.
එම සහන සේවා ආයතනය පිළිබද පුළුල් අධ්‍යයනයකින් පසුව මෙම තීරණය ගත් බව ඇමෙරිකාව නිකුත් කළ නිවේදනයේ සදහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් චෝදනා කරන්නේ පලස්තීනුවන් අසරණ කිරීම සදහා ඇමෙරිකාව මෙම ප‍්‍රබල ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි.
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිරීති උල්ලංඝනය කරමින් ක‍්‍රියා කරන බවට ද පලස්තීන ජනාධිපතිවරයා චෝදනා කරනවා.
පලස්තීන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සෞඛ්‍ය කටයුතු මෙන්ම පලස්තීන වැසියන්ගේ සුබසාධන කටයුතු සදහා වැඩි දායකත්වයක් ලබාදෙන්නේ මෙම එක්සත් ජාතීන්ගේ සහන සේවා ආයතනයයි.
Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala