ට‍්‍රැමඩෝල් මත් පෙති හයදහසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
1653 Views
ට‍්‍රැමඩෝල් මත් පෙති හයදහසක් සමඟ පුද්ගලයෙකු ජාල ඇල ප‍්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධිකයි. මේ අතර යාපනය සහ වැලිකඩ ප‍්‍රදේශවලදී හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද මල්ලාකම් සහ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.