2018 සාෆ් පාපන්දු කණ්ඩායම්
ශ්‍රී ලංකාව 1995 වසරේ සාෆ් පාපන්දු කිරුළේ උරුමකරුවන් බවට පත්විය. එහෙත් ගතවූ වසර කිහිපය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට එතරම් යහපත් කාලයක් වුනේ නැහැ. කෙසේවෙතත් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පකීර් අලී මහතා පවසන්නේ තම කණ්ඩායම තරගාවලිය සදහා මනා සූදානමකින් පසුවන බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමට කොරියාවේ සහ ජපානයේ නේවාසික පුහුණුවක්ද ලබාදුන් බවයි පුහුණුකරු පවසන්නේ.