News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

මැතිවරණ කොමිසම අද රැස් වෙයි

484 Views


මැතිවරණ කොමිසම අද රැස් වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතය. පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී ස්ථිර වශයෙන් පැවැත්වීමට සහ එම ඡන්දය නව මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වීම පිළිබදව එහිදී සාකච්ඡා කරනු ඇති.

මැතිවරණය පැවැත්වීම සදහා නිලධාරීන් සංගණනය කිරීමේ කටයුතු සහ ඡන්ද පති‍්‍රකා ඇතුළු ලේඛන සකස් කිරීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මේ අතර 2018 වර්ෂයට අදාළ ඡන්දහිමි නාම ලේඛන ප‍්‍රතිශෝධනයේ මූලික අදියරේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ ඊට අදාළ ලේඛන ලබන 06 වනදා දක්වා පරීක්ෂා කළ හැකි බවයි. දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල පළාත් පාලන ආයතන සහ ග‍්‍රාම නිලධාරී කාර්යාල මගින් එම පරීක්ෂා කිරීම් සිදු කළ හැකි වනවා.


News Articles
Latest Videos
Most Popular Post