අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ අතර අද ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වුණා. ඒ වියට්නාමයේ හැනොයි නුවරදීයි.
ශී‍්‍ර ලංකාව හා ඉන්දුනීසියාව අතර සබඳතා තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ සඳහා එක්ව කටයුතු කළ යුතු බව එහිදී අවධාරණය කෙරුණා.
යුරෝපීය වෙළෙඳපොළෙහි ප‍්‍රමාණවත් කොටසක් අත්පත් කර ගැනීම සඳහා දෙරට එක්ව පොදු උපාය මාර්ගයක් දියත් කිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වූ බව සඳහන්.
දෙරට අතර වෙළෙඳ අවස්ථාවන් පුළුල් කරලීමේ අරමුණින් දෙරටේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් මඟින් කාලරාමු සහිත වැඩපිළිවෙළක් සකස් කිරීමට ද එකඟතාවයකට එළඹ තිබෙනවා.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සුභ පැතුම් අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වෙත පිරිනමනු ලැබුවා.
ආසියාන් ලෝක ආර්ථික සමුලූවට සහභාගී වීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 10 වනදායි.
අග‍්‍රාමාත්‍යවරයාගේ වියට්නාම සංචාරයේ නිල මාධ්‍ය ආවරණය සිදු කරන්නේ සියත ටී වී නාලිකාවයි.