උතුරු මැද ආණ්ඩුකාර ලේකම් ඇතුලූ තුන් දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා. උතුරු මැද පළාත් බද සිවිල් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කලේ ඉදිරිපත්ව තිබූ පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුවයි.
සෞදන්දර්ය උපාධිධාරින් පස් දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සමේ දක්වා ඇත්තේ පළාත් පාසල් සදහා සෞන්දර්ය ගුරුවරුන් බදවා ගැනීමේ තරග විභාගයේ දී සුදුසුකම් අඩු 08 දෙනෙකු බදවා ගෙන ඇති බවයි.
ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඞ් ආයතනය මගින් නිකුත් කර ඇති නර්තන හා සංගීත ඩිප්ලෝමා සහතිකය පිළිගත නොහැකි බවට පවසමින් සම්මුඛ පරීක්ෂණයේ දී වගඋත්තකරුවන් එය නොසලකා හැර ඇති බව ද එහි දැක්වෙනවා.
පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් යළි බදවා ගැනීම් සිදු කරන ලෙසයි.
මෙම කරුණු සලකා බැලූ උතුරු මැද පළාත්බද මහාධිකරණය උතුරු මැද ආණ්ඩුකාර ලේකම් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් හා ප‍්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාට ලබන පළමු වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කලා.