News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

බස් සංගම් හා ගමනා ගමන කොමිසම අතර සාකච්ඡාවක්.

719 Views


බස් සංගම් හා ගමනා ගමන කොමිසම අතර සාකච්ඡාවක්.

බස් සංගම් හා ජාතික ගමනා ගමන කොමිසම අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ගාස්තු සංශෝධනයක් සිදු වන්නේ ද යන්න පිළිබදව මෙහිදී තීරණය කිරීමට නියමිතයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගාස්තු වැඩි වීමක් අවශ්‍ය බවයි බස් සංගම් සදහන් කලේ. ගාස්තු ඉහළ නොදමන්නේ නම් වර්ජනයකට අවතීර්ණ වන බව එම සංගම් ප‍්‍රකාශ කලා.

ඉන්ධන මිල ඉහළ ගියේ පසුගිය 10 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිටයි. මෙම මිල සංශෝධන සිදු කර ඇත්තේ ඉන්ධන මිල තීරණය කිරීමේ කමිටුව විසින්.

සෑම මසකම 10 වනදා රැස් වන මෙම කමිටුව ලෝක වෙළද පොලේ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල සංශෝධන පිළිබදව තීරණය කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post