News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

අගමැති රනිල් දකුණු කොරියානු විදේශ ඇමතිනිය හමුවෙයි.

574 Views


අගමැති රනිල් දකුණු කොරියානු විදේශ ඇමතිනිය හමුවෙයි.

දකුණු කොරියාව සතු කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ අත්දැකීම් ආසියානු රටවල් සමග බෙදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමතිනී කං ක්‍යුං වා පවසනවා.

ඇය මේ බව සදහන් කලේ වියට්නාමයේ හැනොයි නුවරදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දීයි.

ශ‍්‍රී ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පෙන්වා දුන්නේ මෙවැනි කර්මාන්ත කලාපයක් ඔස්සේ දෙරටටම ප‍්‍රතිලාභ අත්පත් කර ගැනීමේ මාර්ග ගණනාවක් අලූතින් විවර වන බවයි.

ඉන්දීය සාගර කලාපයීය සාමය හා නිදහස් නාවුක ගමනාගමනය සුරක්‍ෂිත කරලීම උදෙසා ශ‍්‍රී ලංකාවේ වෑයම අගය කරන බව දකුණු කොරියානු විදේශ අමාත්‍යවරිය ප‍්‍රකාශ කලා.

සියළු ගැටළු සාකච්ඡාවෙන් සාමකාමීව විසදාගැනීමේ මාවත හැම විටම තමන් අනුගමනය කරන බවයි ඇය පෙන්වා දුන්නේ.

කොරියානු කලාපයීය සාමය ස්ථාවර කිරිම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුනා.


News Articles
Latest Videos
Most Popular Post