රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුලූ සැකකරුවන් තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද පෙරවරුවේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබාදුන් නියෝගයට අනුවයි.
මෙම නඩුවට අදාළ ඇතැම් ලේඛනවල ගැටලූ පවතින බැවින් ඒවා වැඩිදුර පරීක්ෂා කර හරස් ප‍්‍රශ්න විමසීම සිදු කළ යුතු බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව නඩුව ලේඛන මත විභාග වන බැවින් යළි සාක්ෂි විමසීම ලබන 17 වනදා දක්වා කල් තබන බව විනිසුරුවරිය දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුලූ සැකකරුවන් තුන් දෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ සතොස ආයතනයේ රුපියල් මිලියන 5කට අධික මුදලක් අවභාවිත කලා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් මොහොමඞ් හකීර් සහ සතොස හිටපු සභාපති නලීන් ප‍්‍රනාන්දු යන අය ද එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.