News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බෙලිඅත්ත ආසනයට නව සංවිධායකවරයෙක්.

975 Views


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බෙලිඅත්ත ආසනයට නව සංවිධායකවරයෙක්.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ බෙලිඅත්ත ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නීතිඥ උපාලි මොහොට්ටි මහතා පත් කර තිබෙනවා.

ඔහු අද පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේ ජනාධිපති කාර්යාලයේදීයි.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ මුල්කිරිගල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා වශයෙන් පත් කළ එච්.ඩබ්. ගුණසේන මහතා ද අද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.

මේ අතර ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වුණා.

තර`ගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් ශී‍්‍ර ලංකා මාතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබ`දව ද මෙහිදී කී‍්‍රඩිකාවන් වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන්ට රජයෙන් ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක්ම ලබාදෙන බව ද ප‍්‍රකාශ කළා.

2018 කැරම් ලෝක ශූරතාවලිය හිමිකරගත් ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ කාන්තා අනුශූරතාවය හිමිකරගත් ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වුණා.

ඔවුන්ගේ ද දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් සියලූදෙනා වෙත සිය සුභාශීංසන පිළිගන්වනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post