News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

ඉංගිරියේ ගෑස් කාන්දුවකින් පස් දෙනකු රෝහලට.

839 Views


ඉංගිරියේ ගෑස් කාන්දුවකින් පස් දෙනකු රෝහලට.

ඉංගිරිය හොරකැටිය ප‍්‍රදේශයේ සිදු වූ ගෑස් කාන්දුවකින් ස්වසන අපහසුතා ඇතිවූ පුද්ගලයින් පස් දෙනකු රෝහල්ගත කර තිබෙනවා.

මෙම ගෑස් කාන්දුව සිදුව තිබුනේ අද පෙරවරුවේ රබර් කර්මාන්ත ශාලාවකට රැගෙන ආ ගෑස් සිලින්ඩර අදාළ ලොරියෙන් ඉවත් කිරීමේ දීයි.

එහිදී ස්වසන අපහසුතා ඇතිවූ පුද්ගලයින් 05 දෙනෙකු හොරණ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු සදහන් කලේ.

හොරණ බැල්ලපිටිය ප‍්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක විෂ වායුවක් ආග‍්‍රහණය වීමෙන් පසුගිය අපේ‍්‍රල් මස 19 වනදා පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post