News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය ධීවරයින් වෙනුවෙන් වන්දි.

875 Views


නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය ධීවරයින් වෙනුවෙන් වන්දි.

ගාලූ මුහුදු තීරයේ ධීවර යාත‍්‍රාවක, නෞකාවක් ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය ධීවරයින් සිව්දෙනා වෙනුවෙන් වන්දි ලබාදෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ් යටතේ මියගිය ධීවරයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට නියමිතයි.

ගාල්ලට සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදු ප‍්‍රදේශයේ දී සිදු වූ බෝට්ටු අනතුරින් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසුවේ කිමිදුම්කරුවන් යොදා ගනිමින් මෙම මෙහෙයුම් සිදු කරන බවයි.

ධීවර යාත‍්‍රාවක නෞකාවක් ගැටීමෙන් පසුගිය 11 වනදා රාත‍්‍රියේ මෙම අනතුර සිදු ව තිබුණා.

ඉන් ධීවරයින් සිව් දෙදෙනෙකු මිය ගිය අතර එක් අයෙකු බේරා ගෙන තිබුනේ නාවික හමුදාව විසින්.

මෙලෙස අනතුරට ලක් වුනේ බේරුවලින් මුහුදු ගිය මලිදු පුතා නැමති බහුධින ධීවර යාත‍්‍රාවයි.


News Articles
Latest Videos
Most Popular Post