News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

ඩෙංගු මර්දනය කළ හැකි නව උපකරණයක් කොළඹින් අත්හදා බැලේ

681 Views


ඩෙංගු මර්දනය කළ හැකි නව උපකරණයක් කොළඹින් අත්හදා බැලේ

ඩෙංගු මදුරුවන් මර්දනය කළ හැකි නව උපකරණයක් කොළඹ නාගරික සීමාවේ අත්හදා බැලීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, කොළඹ මහ නගර සභාවේ ද අනුග‍්‍රහය ඇතිව අද සිට එම උපකරණය ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙන බව ය.

පළමු අදියරේදී එවැනි උපකරණ දහසක් කොළඹ නාගරික සීමාවේ නියමු ව්‍යාපෘතියක් ලෙස පිහිටුවන බව ද ඇය පැවසුවා ය.මේ අතර පසුගිය 26 වන දා සිට ඊයේ දිනය දක්වා ක‍්‍රියාත්මක කළ ජාතික මදුරු මර්දන සතියේදී මදුරුවන් බෝ විය හැකි පරිශ‍්‍ර 77000ක් හඳුනාගත් බව ද ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා ය.


News Articles
Latest Videos
Most Popular Post