News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

පකිස්ථාන ආරක්ෂක ලේකම් අද දිවයිනට

791 Views


පකිස්ථාන ආරක්ෂක ලේකම් අද දිවයිනට

පකිස්ථාන ආරක්ෂක ලේකම් ලූතිනන් ජනරාල් අක‍්‍රම් උල් හක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.ඒ සිව් දින නිල සංචාරයක් සදහායි.

එහීදී පකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රමුඛත කණ්ඩායම ශ‍්‍රී ලංකා – පකිස්ථාන සන්නද්ධ හමුදා වල ආරක්ෂක සංවාදයකට එක් වනු ඇතී.එමෙන්ම මෙරට ආරක්ෂක ලේකම්වරයා ද හමුවී දෙරටට බලපාන ආරක්ෂක කටයුතු සම්භන්ධයෙන් ද සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.

කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම, දෙරට අතර විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම යනාදි කරුණු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කරන බවයි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කලේය.

සංචාරය අතරතුර දී පකිස්ථාන ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කපිල විජේගුණරත්න හා ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ද හමු වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post