පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප‍්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකලාපය විවේචනය කළ ජනාධිපතිතුමා පොලිස්පතිවරයාගේ නොමනා හැසිරීම් හේතුවෙන් වැඩි වශයෙන් අපවාදයට ලක්වන්නේ තමන් සහ අගමැතිවරයා බව ද සඳහන් කර තිබුණා.
පොලිසියේ ඇතැමුන්ගේ විනය පිරිහී ඇති බව පැවසූ ජනාධිපතිතුමා එය වහා නිවැරදි කළ යුතු බවයි කියා සිටියේ.අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී අදහස් දක්වා ඇත්තේ රටතුළ අපරාධ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් පැහැදිලිව තිබෙන බවත් සිදුව ඇත්තේ මාධ්‍ය වලින් අපරාධ හුවා දැක්වීම බවත් ප‍්‍රකාශ කර තිබෙනවා.මේ අතර පළාත් සභා මැතිවරණය අලූත් ක‍්‍රමයට පවත්වනවාද නැතිනම් පැරණි ක‍්‍රමයට පවත්වනවාද යන්න සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් අතර සංවාදයක් ඇති වුණා.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබුණේ පළාත් සභා ඡන්දය පැරණි ක‍්‍රමයට පැවැත්වීමට දේශපාලන පක්ෂ වැඩි කැමැත්තක් දක්වන බවයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම බව එහිදී අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබුණා.
ෆයිසර් මුස්තාෆා සහ පාඨලී චමිපික රණවක අමාත්‍යවරුන් ද පළාත් සභා ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබදව මත පල කළා.අනතුරුව අදහස් දක්වමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ වහාම දේශපාලන පක්ෂ සියල්ල කැඳවා මේ පිළිබඳව කඩිනමින් සාකච්ඡා කළ යුතු බවයි.
ඒ අනුව මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලූ දේශපාලන පක්ෂ වල නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතු සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අනිද්දා පැවැත්වෙනු ඇති බව ද රජයේ ආරංචි මාර්ග පවසනවා.