News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

ලිතුවේනියානු මුහුදේදී මගීන් 335 ක් රැගත් යාත්‍රාව අනතුරේ

839 Views


ලිතුවේනියානු මුහුදේදී මගීන් 335 ක් රැගත් යාත්‍රාව අනතුරේ

ලිතුවේනියානු ජාත්‍යන්තර මුහුදු තීරයෙදි අනතුරට ලක්වූ මගීන් 335කු රැගත් යාත‍්‍රාව යළි ගමන් ආරම්භ කර තිබෙනවා.ලිතුවේනියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ පැය 07 කට අධික කාලයක් සිදු කළ මෙහෙයුමකින් පසු යාත‍්‍රාව යථා තත්වයට පත් කළ බවයි.

යාත‍්‍රාවේ එන්ජිම තුල සිදු වු පිපිරිමක් හේතුවෙන් එය අනතුරට ලක්ව මුහුද මැද නතර වී තිබුණේ ඊයේ පස්වරුවේදීයි.අනතුරින් යාත‍්‍රාවේ සිටි මගීන්ට කිසිදු හානියක් සිදුව නැහැ.

මෙම නෞකාව ජර්මනියේ කීල් වරායේ සිට ලිතුවේනියාවේ ක්ලයිපෙඩා වරාය වෙත ගමන් කරමින් තිබියදී මෙම තාක්ෂණික දෝෂය හටගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post