News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

තංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට

494 Views


තංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත් අඩංගුවට

තංගල්ල ප‍්‍රදේශයේ වාහන අලූත්වැඩියා ආයතන හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සහ තවත් සැකකරුවෙක්. ප‍්‍රධාන සැකකරු 49 හැවිරිදි රන්න ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , අනෙක් සැකකරු 41 හැවිරිදි නෙටොල්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඝාතනයට භාවිත කළ තියුණු ආයුධයක් සහ වෙඩි තැබීම සිදු කළ අවස්ථාවේ පැළදී සිටි ආරක්ෂක හිස් වැසුමක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා තංගල්ල පොලිසිය මගින් අඛණ්ඩ විමර්ශන කි‍්‍රයාත්මකයි.

තංගල්ල ප‍්‍රදේශයේ වාහන අලූත්වැඩියා ආයතනයක සේවා කටයුතු කරමින් සිටි එම ආයතන හිමිකරුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබුණේ පසුගිය මස 23 වනදා යි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගියා.


News Articles
Latest Videos
Most Popular Post