News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

සරණාගතයින් රැගත් නෞකාවක් අනතුරට පත් වීමෙන් 34ක් මිය යයි

465 Views


සරණාගතයින් රැගත් නෞකාවක් අනතුරට පත් වීමෙන් 34ක් මිය යයි

මධ්‍යධරණී මුහුදේ බටහිර ප‍්‍රදේශයේ දී සරණාගතයින් රැගත් නෞකාවක් අනතුරට ලක්වීමෙන් 34 දෙනකු මිය ගොස් තිබෙනවා.

එක්සත් ජාතින්ගේ සරණාගත කාර්යාංශය පවසන්නේ දියෙහි ගිලෙමින් සිටි 26 දෙනකු බේරාගත් බවයි.මෙම සරණාගතයින් අප‍්‍රිකානු ජාතිකයින් බවයි වාර්තා වන්නේ

මේ අතර ඇෆ්ගනිස්තානයේ නන්ගාර්හාර්හි මැතිවරණ රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 13 දෙනකු මියගොස් තිබෙනවා.තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.ප‍්‍රහාරයේ වගකීම අයි එස් සටන්කාමීන් විසින් භාරගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්තාන මහ මැතිවරණ ලබන 20 වනදා පැවැත්වීමට නියමිතයි.මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු පසුගිය 28 වනදා ආරම්භ වූ අතර මැතිවරණ රැලිවලට ප‍්‍රහාර එල්ල වනු ඇති බවට එරට ආරක්ෂක අංශ පෙර සිටම අනතුරු අගවා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post