News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

අතුරුගිරි වානේ සංස්ථාව අසල වෙඩි හුවමාරුවක්

1038 Views


අතුරුගිරි වානේ සංස්ථාව අසල වෙඩි හුවමාරුවක්

අතුරුගිරිය වානේ සංස්ථාව ආසන්නයේ ඇති පිට්ටනිය අසලදී පොලීසිය විසින් සිදු කල වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ අදාල අපරාධ කල්ලි සාමාජිකයා සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී එම වෙඩි ප‍්‍රහාරය එල්ල වූ බවයි

සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් විසින් සිදු කළ වැටලිමක් අතරතුරදී එම වෙඩි හුවමාරුව සිදුවූ බව පොලීසිය සදහන් කලා.
වෙඩි වැදි තුවාල ලබා ඇත්තේ මාකදුරේ මෂ් සහ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන හසිත නොහොත් බණ්ඩා නම් පාතාල කල්ලි සමාජිකයෙක්.

ඔහු ඔරුවල රෝහලට ඇතුලත් කල අතර මේ වන විට ඔහු වැඩිදුර ප‍්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post