News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

සීඅයිඩීය පැය 9ක් තිස්සේ ක්‍රිකට් ලොක්කාගෙන් ප්‍රශ්න කරයි

944 Views


සීඅයිඩීය පැය 9ක් තිස්සේ ක්‍රිකට් ලොක්කාගෙන් ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මේ වෙනකොට අහන්න ලැබෙන්නෙම ඒ තරම් සුභ කතන්දර නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබෙන්නට තිබ්බ ඩොලර් මිලියන 5.5 ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට සූදානම් වීම නිසා මේ සිද්ධිය ඇති වුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රදාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තුමේන්තුව පැය 9ක කාලයක් ප්‍රශ්න කර තියෙනවා.

සිද්ධියට චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියාව මේ වෙනකොට අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා.

අදාල සිද්ධියෙන් පස්සෙ ඈෂ්ලි සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ මේ වගේ දෙයක්.

”සිද්ධිය පිළිබඳව අපි දන්න සියලු තොරතුරු ලබා දුන්නා. අපිට සඟවන්න දෙයක් නෑ. වැඩි කාලයක් ගත වුණේ සවිස්තරාත්මකව ප්‍රකාශනයක් දුන් නිසයි. විමර්ශනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් නිලධාරීන් පැවසුවා , චෝදනාව එල්ල වී ඇති නිලධාරියා පාවිච්චි කළ ලැප්ටොප් පර්ගණකය මම රැගෙන ගියා. එයත් බාර දුන්නා”

අයේෂ් වීරකෝන් මහතාගෙන්ද මෙහිදී ප්‍රකාශ ලබාගෙන තියෙනවා. ඈෂ්ලි ද සිල්වා මෙම සිද්ධියේ පැමිණිකරු වෙනවා. අනිත් නිලධාරීන් ඔහුගේ සහයෝගයට පැමිණි අයයි.


News Articles
Latest Videos
Most Popular Post