News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

ශ්‍රී ලංකාවට ඉදිරි දින කිහිපයේදී වැසි

711 Views


ශ්‍රී ලංකාවට ඉදිරි දින කිහිපයේදී වැසි

ශ‍්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ප‍්‍රදේශ රැසකට අදත් පස්වරු 02.00 න් පසුව තද වැසි ඇති විය හැකි බවයි.

වයඹ ඌව මධ්‍යම සහ සබරගමුව පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලී මිටර 100 ක් පමණ වන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා. වැසි සමග ප‍්‍රබල අකුණු ඇති විය හැකියි.

පැයට කිලෝ මීටර 70 ත් 80 ත් අතර දක්වා වන තද සුළං ද ඇති වීමේ අවදානමක් ද පවතිනවා. අකුණු හා තද සුළං පවතින අවස්ථා වලදි නියමිත ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post