News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

පළවෙනියො දෙන්නයි දෙවෙනියො තුන්දෙනයි – ශිෂ්‍යත්ව විභාගයෙ වැඩ පෙන්නපු පොඩ්ඩො මෙන්න

977 Views


පළවෙනියො දෙන්නයි දෙවෙනියො තුන්දෙනයි – ශිෂ්‍යත්ව විභාගයෙ වැඩ පෙන්නපු පොඩ්ඩො මෙන්න

2018 ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිපල අද නිකුත් වුණා. ඒ අනුව එහි කඩයිම් ලකුණු වගේම පළමු දෙවන තෙවන ස්ථාන තීරණය කෙරුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලයන්හි විශේෂත්වය වන්නේ ප්‍රථම ,දෙවන ,තෙවන යන කිසිදු ස්ථානයක කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල සිසුන් ඇතුළත් නොවීමයි.

සමස්ථ ශිෂ්‍යත්ව විභාගයෙ ප්‍රථම ස්ථානයන් දෙකක් බිහිවී තිබෙනවා. ඒ අතරින් එක් ප්‍රථම ස්ථානයක් දිනාගනු ලැබුවෙ පිළියන්දල හෝ/සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ. ඔහු ලබාගෙන තියෙන මුළු ලකුණු ප්‍රමාණය 199 ක්. දෙවන , ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවේ වේයන්ගොඩ ශාන්ත මරියා මහ විද්‍යාලයේ ඉගනුම ලැබූ කුරුකුලසූරිය සනූප දිමත් පෙරේරා වෙතයි.

එසේම මෙවර විභාගයේ දෙවන ස්ථාන දෙකක් බිහිවීමද විශේෂත්වයක්. එම දෙවන ස්ථාන තුන පිළිවෙලින් , මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ හෙට්ටිආරච්චිගේ සෙනුජි අකිත්මා , යාපනය හින්දු ප්‍රාථමික පාසලේ මාගේන්ද්‍රන් තිගාලොලිබවන් , වාචකච්චේරි හින්දු ප්‍රාථමික පාසලේ නවාස්කන් නාති.ඔවුන් ලබා තිබූ මුලු ලකුණු සංඛ්‍යාව 198 ක්.

සමස්ථ ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනෙන් තෙවන ස්ථානය වව්නියාව සිවපුරම් ප්‍රාථමික පාසලේ බාලකුමාර් හරිතිකන්සුජා ය.ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 198 ක්.


News Articles
Latest Videos
Most Popular Post