වසර 6 ක සිරදඩුවම අත්හිටුවන ලෙස ඉල්ලමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයෙ ප‍්‍රතික්ෂේප කලා. ඒ එම පෙත්සම ඊවා වනසුන්දර- නලින් පෙරේරා සහ ප‍්‍රසන්න ජයවර්ධන යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි
එහිදී එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් පෙත්සම ප‍්‍රතික්ෂේප වූ බවයි සියත අධිකරණ වාර්තාකරු සදහන් කලේ . බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මගින් බරපතල වැඩසහිත වසර 6 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.
ඒ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිදට අධිකරණ භූමිය තුලදී බැන තර්ජනය කරමින් අධිකරණයට අපහාස කලා යැයි කියන සිද්ධියට වරදකරු වීම හේතුවෙන්.