News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

අගමැති සහ නෝර්වේ අගමැතිනිය අතර ද්වි පාර්ශවික සාකච්ඡා

1066 Views


අගමැති සහ නෝර්වේ අගමැතිනිය අතර ද්වි පාර්ශවික සාකච්ඡා

ලෝකයේ නව ප‍්‍රවණතාවයන් හා සසදන පරිදි ශී‍්‍ර ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර සබදතා නව මානයකට ගෙන ඒමට දෙරටේ නායකයින් එකග වී තිබෙනවා.ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් අතර ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ කාර්යයාලයේ පැවති නිල සාකච්ඡාවේ දියි .

සාගරය මුලූ මහත් ලෝකයාගේම උරුමයක් වන බැවින් සාගරය ආරක්ෂා කිරීම සහ සාගර සාමය සුරැකීම සදහා පොදු ජගත් වැඩපිළිවෙලක් සැකසීමේ කාලීන් අවශ්‍යතාවය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ කාලීනව සාකච්ඡුා කර තිබෙනවා.

ඉන්දීය සාගර කලාපය තුළ සාමකාමී සහ තිරසර සංවර්ධන කලාපයක් ඇති කිරීම සදහා ශී‍්‍ර ලංකාව දරන ප‍්‍රයත්නයට සහාය ලබාදෙන බව නෝර්වේ අගමැතිනිය එහිදී ප‍්‍රකාශ කළා.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ උත්තරීතර මන්ත‍්‍රණ සභා ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වුණා. එහිදී උත්තරීතර මන්ත‍්‍රණ සභාවේ සභාපති ටූනේ විල්හෙල්ම්සන් මහත්මිය සමග සාකච්ඡුා කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව සහ නෝර්වේ උත්තරීතර මන්ත‍්‍රණ සභාව අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරිමටයි එහිදී අවධානය යොමු වුණේ
ශී‍්‍ර ලංකාවේ සිදු කිරීමට යෝජිත අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සදහා ද නෝර්වේ රජයේ සහාය ලබා දීමට එහිදී ටූනේ විල්හෙල්ම්සන් මහත්මිය එකග වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post