News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

ඉඩම් සංස්ථාව කොළඹ කුනු යළි භාර ගනියි

1388 Views


ඉඩම් සංස්ථාව කොළඹ කුනු යළි භාර ගනියි

කොළඹ නගරයේ එක් රැස් වන කසල භාර ගැනීම යළි ආරම්භ කිරීමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා සදහන් කලේ කොළඹ මහ නගර සභාව විසින් ඒ සදහා රුපියල් මිලියන 30 ක මුදලක් ලබා දී ඇති බවයි.

අද සිට යළිත් කොළඹ කසල කළමණාකරණය කිරීමේ කාර්යය ආරම්භ කරන බව ඔහු ප‍්‍රකාශ කලා. කොළඹ නගරයෙන් ඉවත් කරන කසල කළමනාකරණය කිරීම වෙනුවෙන් ලබා දිය යුතු රුපියල් මිලියන 157 ක හිග මුුදල් නොගෙවීම මත කසළ භාර ගැනීම අත්අහිටුවීමට ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පියවර ගත්තේ පසුගිය 06 වනදායි.

මේ හේතුවෙන් දින තුනක් කොළඹ නගරයේ කසල එකතු කිරීම සිදු වුනේ නැහැ. කොළඹ නගරයෙන් ඉවත් කරන කසල කළමනාකරණය කරනු ලබන්නේ කෙරවලපිටිය කසල අංගනයේ දියි.


News Articles
Latest Videos
Most Popular Post