News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

හිටපු ජනපති ප්‍රධානත්වයෙන් ඒකාබද්ධය හෙට රැස්වෙයි.

594 Views


හිටපු ජනපති ප්‍රධානත්වයෙන් ඒකාබද්ධය හෙට රැස්වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් හෙට රාත‍්‍රී 7ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එම රැස්වීම ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්‍ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර එම රැස්වීම භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කලා.

භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඊයේ දිනයේත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුනා. මේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති ජී.එල් පීරිස් පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්.


News Articles
Latest Videos
Most Popular Post