අධික වර්ෂාපතනත් සමග ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් කලූතර හා බදුල්ල දිස්ත‍්‍රික්ක සදහා නිකුත් කල නාය යාම් අනතුරු ඇගවීම් තවදුරටත් ක‍්‍රියාත්මකයි. කලූතර දිස්ත‍්‍රික්කයේ වලල්ලාවිට බුලත්සිංහල අගලවත්ත සහ මතුගම යන ප‍්‍රදේශ වලට එම අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
බදුල්ල දිස්ත‍්‍රික්කයේ නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ හල්දුමුල්ල පස්සර හා බදුල්ල ප‍්‍රදේශ වලටයි. මේ අතර අධික වාර්ෂාපතනය හේතුවෙන් කළු කැලණි නිල්වලා සහ ගිං යන ගංගාවල පහල ජල ධාරා ප‍්‍රදේශ වල ජනතාවට තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී සිටිනවා.
ඒ අනුව කළු ගඟ අවට මදුරාවල, හොරණ, බුලත්සිංහල, පාලින්දනුවර සහ ඉංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ‍්‍රිත ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි
ගිං ගඟ අවට ගංවතුර අවදානමක් පවතින්නේ බද්දේගම, බෝපේ පොද්දල, වැලිවිට-දිවිතුර, නාගොඩ, නියගම, තවලම සහ නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ‍්‍රිතවයි.
කැලණි ගගෙහි ජල මට්ටම ඉහල යාම හේතුවෙන් කොලඹ කැලණිය කොළොන්නාව බියගම සහ කඩුවෙල ප‍්‍රදේශයන්හි පහත් බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් පසු විය යුතුයි.
අත්තනගලූ ඔය අවට මිගමුව, මිනුවන්ගොඩ, ජා-ඇල, ගම්පහ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ‍්‍රිත ජනතාවට බලපෑම් එල්ලවිය හැකි වනවා. මේ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා.