News Line| Off Air
Generic placeholder image

Oct
8

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම යළි විවෘත කෙරේ

551 Views


දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම යළි විවෘත කෙරේ

අධික වර්ෂාව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් මාර්ගය නැවතත් විවෘත කර තිබෙනවා. එම පිවිසුම් මාර්ගය ජලයෙන් යට වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබුණේ පසුගිය 06 වනදා රාති‍්‍රයේ සිටයි.

මේ අතර දිවයිනේ පවතින වැසි තත්වය හෙට සිට තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස 02. 00 න් පමණ පසුව ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

නැගෙනහිර දකුණ මධ්‍යම සබරගමුව ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි වනවා. පුත්තලම සිට කොළඹ ගාල්ල හා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර 50 දක්වා ඉහළ යා හැකියි.

එම මුහුදු ප‍්‍රදේශ රලූ විය හැකි බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව අවදානයෙන් පසු විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post