News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

637 Views


20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින්. 20 වන සංශෝධනයේ තවත් වගන්ති කිහිපයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගත හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තුව අද පස්වරු 01.00 ට රැස් වුණා. රටේ ආර්ථික තත්වය පිළිබද පාර්ලිමේන්තු විවාදයක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post