සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා වැලිකඩ බන්ධනාගාරයෙ ලියලා තියෙන වැකිය කනපිට පෙරළුණ කතාවක් අපිට අහන්න ලැබුණා. ඒ මීගමුව බන්ධනාගරයෙන්. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 400 ක් දාන තැන රැඳවියන් 1760 ක් දමා තිබෙනවා. ඒ වගේම කාන්තා රැඳවියන් 75 කට ඇති ඉඩකඩේ 200 ක් දමා තිබෙනවා.
මේ වන විට බන්ධනාගාරය ඇතුළෙ ‘පැපොල’ රෝගයද ව්‍යාප්ත වෙමින් පවතිනවාලු. ඒ වගේම සැකකරුවන් අධිකරණය වෙත ගෙනියන විට ආරක්ෂක සේවයේ යෙදෙන්න ප්‍රමාණවත් නිලධාරීන් නැති නිසා බන්ධනාගාර නිලධාරීන් ද දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙලා තියෙන බවයි අපට ආරංචි වුණේ.
මේ බන්ධනාගාරයේ වැඩියෙන්ම ඉන්නෙ මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ තරුණ සැකකරුවන් කියලා තමයි වාර්තා වෙන්නෙ. ඒ වගේම වැසිකිලි පහසුකම්ද හරිහැටි නැති නිසා රැඳවියන් වගේම නිලධාරීන්ද දැඩි දුෂ්කරතාවයක සිටිනවා.