News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

උෂ්ණත්වය ඉහළ ගිහින් ලෝකෙට වෙන දේ ගැන විද්‍යාඥයෝ හෙළිකරයි

1084 Views


උෂ්ණත්වය ඉහළ ගිහින් ලෝකෙට වෙන දේ ගැන විද්‍යාඥයෝ හෙළිකරයි

දවසින් දවස උෂ්ණත්වය වැඩි වීම අපිට මේ වෙනකොට පේන්න තියෙන දෙයක්. හැබැයි මේ උෂ්ණත්වය එක අංශකයකින් හරි වළක්ව ගන්න බැරි වුණොත් ඉස්සරහට ලොකු විනාශයක් වෙන්න වෙන්න පුළුවන් කියලා ජාත්‍යන්තර විද්‍යාඥයො මණ්ඩලයක් කියලා තියෙනවා.

ලෝකය මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්ද කියන එක ගැන තියෙන්නෙ සුළු බලාපොරොත්තුවක් කියලත් මේ අය කියලා තියෙනවා.

‘කාලගුණ විපර්යාසය’ ගැන ඉදිරිපත් කළ කරුණු වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනාගත්ත මේ ජාත්‍යන්තර මණ්ඩලය මේ දුක්බර කතාව කිව්වෙ දකුණු කොරියාවෙ ඉන්චියන් නුවරදියි.

මිනිසුන්ගෙ ක්‍රියාකාරකම් නිසා ඇති වෙලා තියෙන ගෝලීය උෂ්ණත්වය මේ තියෙන තත්ත්වයෙන් සෙල්සියස් අංශක 0.5 ක් අඩු කරගන ලෝක නායකයින් කටයුතු කරොත් ලෝකයේ ඇති වෙන්න පුළුවන් යහපත් තත්ත්වය පිටු 728 ක වාර්තාවක්ද මේ අය ඉදිරිපත් කරලා තිබ්බා.

ගොඩක් අයට මේක ජීවිතය හා මරණය අතරෙ වෙනසක් වෙන බව කාලගුණ විද්‍යා පිළිබඳව විද්‍යාඥ නතාලි මොහොවල්ඩ් ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post