News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

එංගලන්ත සහ ශ්‍රී ලංකා පුහුණුවීම් වැස්සට යට වෙයි

780 Views


එංගලන්ත සහ ශ්‍රී ලංකා පුහුණුවීම් වැස්සට යට වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ රංගිරි දඹුලූ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.

දිවා රාත‍්‍රී තරගයක් ලෙස අද තරගය සවස 2.30 ට ආරම්භ වීමට නියමිතයි.දෙරට අතර එක්දින තරගාවලිය තරග 05 කින් සමන්විතයි.

දඹුල්ල ප‍්‍රදේශයට විටින් විට වර්ෂාව ඇඳ හැලීම හේතුවෙන් කණ්ඩායම් දෙකම ඊයේ සිය අවසන් පුහුණු සැසිවලට සහභාගි වුයේ නැහැ.

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ‍්‍රි ලංකා නායක දිනේෂ් චන්දිමාල් සදහන් කළේ පසුගිය තරගවලදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් එංගලන්ත තරගාවලියට සහභාගි වීමට තම කණ්ඩායම සූදානම් බවයි.  අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය පළමු වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකාවට හිිමිව ඇත්තේ 08 වන ස්ථානයයි.


News Articles
Latest Videos
Most Popular Post