News Line| Off Air| Games
Generic placeholder image

Oct
10

සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ඒකාබද්ධය, මහින්දට දෙයි

961 Views


සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ බලය ඒකාබද්ධය, මහින්දට දෙයි

සභාග ආණ්ඩුවක් හදන්නේ නම් ඒ පිළිබද අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී ඊයේ රාත‍්‍රීයේ පැවැති සාකච්ඡාවකදීයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි වුණා.

එහිදී මන්ත‍්‍රීවරුන් අමතමින් හිටපු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ සභාග ආණ්ඩුවකට යෑමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. එවැනි තීරණයක් ගන්නේ නම් සියලු දෙනා දැනුවත් කරන බව ද හිටපු ජනාධිපතිවරයා සදහන් කළා.

අයවැයේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post