News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ඇමෙරිකා – චීන යුද්ධයෙන් ලෝක ආර්ථිකයට වෙන දේ

756 Views


ඇමෙරිකා – චීන යුද්ධයෙන් ලෝක ආර්ථිකයට වෙන දේ

මෙරට ආනයනික කටයුතු සදහා සම්බාධක පැනවීම තුලින් රටෙහි ආර්ථික අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වන බව ආර්ථික විශේෂඥයන් පවසනවා. පේරාදණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබද ආචාර්‍ය වසන්ත අතුකෝරල මහතා සියත ප‍්‍රවෘත්ති වෙත කියා සිටියේ ආර්ථික ගැටලු පාලනය කිරීම සදහා මෙරට රාජ්‍ය විදෙස් සංචාර සීමා කල යුතු බවයි.

ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 172 යි ශත 34 ක් දක්වා ඊයේ යලි ඉහල ගියා. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණය වීමෙන් හටගෙන ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පල කලා.

මේ අතර ඇමරිකාව සහ චීනය අතර පවත්නා වෙලද යුද්ධය හේතුවෙන් මේ වසරේදී සහ ලබන වසරේදී ලෝක ආර්ථික වර්ධනය කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය අනතුරු අගවනවා.අයි එම් එෆ් ආයතනය ඒ බව නිවේදනය කර ඇත්තේ සිය නවතම ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින්.

ඒ අනුව මේ වසරේදී සහ ලබන වසරේදී ලෝක ආර්ථික වර්ධනය සියයට 3 යි දශම 7ක් දක්වා සීමා වනු ඇති. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් බොහෝ දුරට දුර්වල වනු ඇති බවටයි අයි එම් එෆ් ආයතනය නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් ඉන්දීය ආර්ථිකය මේ වසරේදී සියයට 7 යි දශම 3කින් වර්ධනය වනු ඇති බව එම ආයතනය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post