News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

මාස 9 ට 38 ක් කටපුංචාට බිලි

718 Views


මාස 9 ට 38 ක් කටපුංචාට බිලි

මේ අවුරුද්දෙ ගත වෙච්ච මාස නවය ඇතුළත වෙඩි තබා මරා දැම්ම පුද්ගලයින්ගෙ ගණන 38 ක් කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියනවා.මේ ඝාතන වලින් 33ක්ම මේ වෙනකොට විසඳලා අවසන් කියලා තමයි ඒ මහතා කිව්වෙ.

ඒ වගේම මේ වෙනකොට විදේශ ගත වෙලා ඉන්න පාතාල සාමාජිකයින් ගොඩ දෙනෙක්ගෙ මේ රටේ ඉන්න ආධාරකරුවන් සීයට හැත්ත පහක් විතර අතඩංගුවට ගත්ත බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වෙ.

මේ නිසාම අපේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරාම මේ වෙනකොට පවත්වගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලත් එතුමා අපිට කිව්වා.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත දිවයිනේම විශේෂ මෙහෙයුම් 12 ක් මේ වෙනකොට සිදු කරපු බව එතුමා පැවසුවා.

මේ තත්ත්වය ඇතුලෙ රථවාහන නඩු 58123 ක් පුද්ගල අත් අඩංගුවට ගැනීම් 32696 ක් වරෙන්තුකරුවන් 10975 ක් බීමත්ව රිය පැදවීම් 5504 ක් විවිධ අපරාධ ඇති පුද්ගලයින් 8504 ක් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post