News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

මයිකල් ෆ්ලොරිඩාවට කඩා වදී

609 Views


මයිකල් ෆ්ලොරිඩාවට කඩා වදී

මයිකල් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයට කඩා වැදී තිබෙනවා. පැයට කිලෝමීටර 200 ක පමණ වේගයෙන් සුළි කුණාටුව හමා යන බවයි ඇමරිකානු කාලගුණ බලධාරීන් සදහන් කලේ.

මේ සමග ෆ්ලොරීඩා ප‍්‍රාන්තයට දැඩි වර්ෂාවක් ද බලපා තිබෙනවා. පවතින තත්වය යටතේ එම ප‍්‍රාන්තයේ පාසල් හා රජයයේ ආයතය මෙම සතිය තුලදී වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

මෙම සුළි කුණාටු තත්වයෙන් නිකරගුවා රාජ්‍යයේ හා එල් සැල්වදෝරයේ පුද්ගලයින් 13 දෙනෙකු පසුගිය දා මිය ගියා. මේ අතර ස්පාඤ්ඤයේ දූපතක් වන මැජෝර්කාහි හදිසියේ හටගත් ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් අට දෙනකු මියගොස් තිබෙනවා.

පසුගිය දිනවල ඇතිවූ අධික වැසි සමග ගංගාවක් පිටාර ගලා යාමෙන් ගංවතුර තත්ත්වය හට ගෙන ඇති බවයි විදෙස් පුවත් වාර්තා කලේ.


News Articles
Latest Videos
Most Popular Post