දුම්රියේ ගැටී වනඅලින් මියයාම වලක්වා ගැනීම සදහා රජය විසින් කඩිනම් විසදුමක් ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ විසදුමක් ලබා නොදෙන්නේ නම් එම ප‍්‍රදේශ හරහා ඇති රාත‍්‍රී තැපැල් දුම්රිය ධාවනයෙන් ඉවත්වී සිටීමටද පියවර ගන්නා බවයි.
වසරේ ගතවූ කාලය තුල දුමිරියේ ගැටීමෙන් මිය ගොස් ඇති වන අලි සංඛ්‍යාව 11 ක්. මේ සම්බන්ධයෙන් සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ මෙම ගැටලූව සදහා කඩිනම් විසදුමක් ලබා දිය නොහැකි බවයි.
මඩකලපුව-කොළඹ දුම්රිය මාර්ගයේ වැලිකන්ද මොණරතැන්න ප‍්‍රදේශයේ දී පසුගිය 9වනදා රාත‍්‍රියේ දුම්රියක ගැටී බරපතළ තුවාල ලබා සිටි වන අලියාද ඊයේ පස්වරුවේ මිය ගියා.
වන අලියා එලෙස ගැටීමට ලක්වුනේ එදින රාත‍්‍රී 9.45ට පමණ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මීනගයා නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රියේ යි
එම අනතුරෙන් දුම්රිය මාර්ගයට හෝ දුම්රියට කිසිදු හානියක් සිදුවුනේ නැහැ.