News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

ලංකාවට තවත් පැරා පදක්කමක්

780 Views


ලංකාවට තවත් පැරා පදක්කමක්

ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලේ දී ශ‍්‍රී ලංකාවට සිව් වන පදකක්මත් හිමිව තිබෙනවා. ඒ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්. ප‍්‍රබල ඉන්දියානු ක‍්‍රීඩකයින් පරාජය කරමින් දිනේෂ් ප‍්‍රියන්ත මෙම ජයග‍්‍රහණය ලබා ගත්තෙ මීටර් 61.84ක දක්ෂතාවයක් වාර්තා කරමින්.

පිරිමි යගුලිය දැමීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ පාලිත බණ්ඩාර ද රිදී පදක්කමක් දිනා ගත්තා. එහි දී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 13.21 ක්.

රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟින් ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ශ‍්‍රී ලංකාව මේ වන විට 14 වන ස්ථානයේ පසු වනවා.

මේ අතර ශ‍්‍රී ලංකාව හා මලයාසියාව අතර සුහද පාපන්දු තරගය අද කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වෙනවා. මෙම තරගය පැවැත්වෙන්නේ නිමාවට පත්වූ දකුණු ආසියානු පාපන්දු තරගාවලියෙන් පසුව ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ තත්ත්වය විමසා බැලෙන අවස්ථාවක් ලෙසයි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ‍්‍රී ලංකාව 199 වැනි ස්ථානයේ පසුවන අතර මලයාසියාව 171 වැනි ස්ථානයේ රැදී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post