News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

බස් රථ දෙකක් ගැටී 50 ක් රෝහලේ

1458 Views


බස් රථ දෙකක් ගැටී 50 ක් රෝහලේ

අද (12) දහවල් 12.00 ට පමණ පුද්ගලික බස් රථයක් ලංගම බස් රථයක් සමග මුහුණට මුහුණ ගැටී ඇත. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලුණුගම්වෙහෙර පොලිස් වසමේ හම්බන්තොට – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර බස්නැවතුම්පොළ ආසන්නයේදී මාතර සිට අම්පාර බලා ධාවය වූ පුද්ගලික බස් රථයකි. අනතුරට ලක් වූ අනෙක් ලංගම බස් රථය දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ බස් රථයකි.

අනතුරින් බස් රථ දෙකෙහිම රියදුරන් ඇතුළු පුද්ගලයින් 50 ක් පමණ තුවාල ලබා තිබෙනවා. ඔවුන්ව ලුණුගම්වෙහෙර , දෙඹරවැව සහ හම්බන්තොට යන රෝහල් වලට මේ වන විට පිටත් කර යවා ඇත. ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post