News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

දෙහිඅත්තකණ්ඩිය රිය අනතුරින් මියගිය ගණන 04 ක් දක්වා ඉහළට

1308 Views


දෙහිඅත්තකණ්ඩිය රිය අනතුරින් මියගිය ගණන 04 ක් දක්වා ඉහළට

දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් පිරිමි දරුවා ද මියගොස් තිබෙනව. පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කළ ඔහුගේ මව ද බරපතළ තත්ත්වයේ පසුවන බවයි.

දෙහිඅත්තකණ්ඩිය උත්තලපුර ප‍්‍රදේශයේදී එම අනතුර සිදුව තිබුණේ ඊයේ පස්වරුවේදීයි. අනතුර සිදුව ඇත්තේ ටිපර් රථයක් හා ප‍්‍රථිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන්.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ එකම පවුලේ පියා , මව හා දරුවන් තිදෙනා තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබුණා. අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි පියා සහ පිරිමි දරුවන් දෙදෙනෙකු ඊයේ රාති‍්‍රයේ මියගිය බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පියා සහ 14 හැවිරිදි හා දස හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක්. අනතුරින් තුවාල ලබා සිටින මව සහ අනෙක් පිරිමි දරුවා වැඩිදුර ප‍්‍රථිකාර සඳහා මාරුකර යවා තිබුණේ පොළොන්නරුව රෝහලටයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post