News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

මහින්ද නැත්නම් ගෝඨාභය

865 Views


මහින්ද නැත්නම් ගෝඨාභය

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා හැර ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා සුදුසු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ අතර භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ මාතර ප‍්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය වේදීන් ඇසූ ප‍්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්.

භාරකාර ආණ්ඩුව සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පසුගියදා සිදු කල ප‍්‍රකාශය පිලිබදව මේ වන විට දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වනවා. මේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම ඩිලාන් පෙරේරා අමාත්‍ය පී හැරිසන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරුන්.


News Articles
Latest Videos
Most Popular Post