News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

ඇමෙරිකාවේ තර්ජන වලට මුහුණ දෙන්න සූදානම් – සෞදි අරාබිය

1018 Views


ඇමෙරිකාවේ තර්ජන වලට මුහුණ දෙන්න සූදානම්  – සෞදි අරාබිය

මාධ්‍යවේදී ජමාල් කගෝෂි අතුරුදන්වීමේ සිද්ධිය පාදක කර ගනිමින් එල්ල වන ඕනෑම දේශපාලන සහ ආර්ථික තර්ජනයකට මුහුණදීමට තම රට සූදානම් බව සෞදි අරාබි රජය පවසනවා.නම හෙළි නොකළ එරට රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණේ් එවැනි ඕනෑම තර්ජනයකට ප‍්‍රතිචාර දැක්වීමට ද තම රට සූදානම් බවයි.

සෞදි අරාබියෙන් මෙම ස්ථාවරය ප‍්‍රකාශ වුණේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඕ ට‍්‍රම්ප් සෞදියට අනතුරු ඇඟවීමක් සිදුකර තිබියදීයි. ට‍්‍රම්ප් පවසා තිබුණේ අතුරුදන් වූ මාධ්‍යවේදියා සෞදි අරාබිය විසින් ඝාතනය කර ඇත්නම් ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බවයි.

මේ අතර මාධ්‍යවේදී ජමාල් කශෝගීගේ අතුරුදන් වීම හේතු කරගනිමින් සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත ආයෝජන සමුළුවෙන් ඉවත් වීමට මාධ්‍ය සමාගම්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් තීරණය කර තිබෙනවා.

තුර්කියෙන් ලැබෙන වාර්තා ඉතාමත් කනගාටුදායක බවත් තමන් සෞදි සමුළුවට සහභාගී නොවන බවත් ඔවුන් ට්විටර් පණිවුඩ මගින් දන්වා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. සවුදි අරාබි මාධ්‍යවේදි ජමාල් කාගෝෂි තුර්කියේ පිහිටි සවුදි අරාබියානු තානාපති කාර්යාලය තුලදී ඝාතනය කර ඇති බව තුර්කි බුද්ධි අංශ චෝදනා කරනවා.

අමෙරිකාවට වී සිය මාධ්‍ය කටයුතු සිදුකරමින් සිටි ජමාල් කාගෝෂි ලිපි කිහිපයක් ලබා ගැනීමට තුර්කියේ පිහිටි සවුදි තානාපති කාර්යාලය තුලට යෑමෙන් අනතුරුව අතුරුදන් වී තිබුණේ පසුගිය දෙවනදායි.


News Articles
Latest Videos
Most Popular Post