News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

රුසියාවේ කාර්මික විද්‍යාලයක වෙඩි තැබීමකින් 19 දෙනෙකු මරුට.

798 Views


රුසියාවේ කාර්මික විද්‍යාලයක වෙඩි තැබීමකින් 19 දෙනෙකු මරුට.

රුසියාවේ කර්ච් නගරයේ කාර්මික විද්‍යාලයකට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් පුවත් වාර්තා කලේ.

ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් වැඩි දෙනෙකු කාර්මික විද්‍යාලයේ සිසුන් වනවා. ප‍්‍රහාරය සිදු වූ අවස්ථාවේ ආරක්ෂක අංශ පවසා තිබුනේ එය ”හඳුනානොගත් යමක් පිපිරීමෙන්” මෙය සිදු වූ බවයි.

නමුත් සියලූම පුද්ගලයන් මියගොස් ඇත්තේ කාර්මික විද්‍යාලය තුළ සිදුවූ වෙඩි ප‍්‍රහාරයකින් බව පසුව ප‍්‍රකාශ කෙරුණා. එම කාර්මික විදුහලේම අධ්‍යාපනය ලබන 18 තරුණයෙකු මෙම ප‍්‍රහාරය සිදු කර ඇති බවයි අණාවරණය වී ඇත්තේ. ඔහු සිය දිවි හානි කරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post